2011-08-14

7 ආහ්.. මේ අපේ කකුස්සි මහත්තයනේ

මේ දවස් වල හුගක් TV චැනල් වල ප්‍රවෘත්ති තියන ටයිම් බෙල්ට් එකේ යන හාපික් ඇඩ් එක දැක්කද? "ආහ් මේ අපේ Toilet මහත්තයනේ" කියල පටන් ගන්නේ. සින්හලෙන් කිව්වොත් කකුස්සි මහත්තයනේ. ඇඩ් එකේ සින්හල version 1ක් හොයා ගන්න බැරි වුන නිසා ඔන්න හින්දි version එකක් දැම්ම බලාගන්න ඕනේම නම් කියලා.


කාලෙකට කලින් නම් මහේන්ද්‍ර පෙරේරාව කකුස්සි හෝදන්න යැව්වා. ඊට පස්සේ රොජර් සෙනෙවිරත්න. ඔය කවුරු කකුස්සි හේදුවත් අපිට  කමක් නෑ. අපිට අප්පිරියාවක් නැතුව TV එක බලන්න තියෙන්න එපැයි. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති යන වෙලාවටනෙ අපි බත් කන ගමන් TV බලන්නේ. ඊයේ බත් කන්න කියල TV එක ඉස්සරහ වාඩි වුනා විතරයි මෙන්න කකුස්සි මහත්තයෙක් කකුස්සි හෝදන්න ඇවිල්ලා.

මම දන්න විදියට නම් හුඟක් රට වල මේ වගේ Toilet Cleaner ඇඩ් හරි Sanitary Towel හරි වගේ ඇඩ් දාන්න දෙන්නේ නෑ මිනිස්සු සාමාන්‍යයෙන් කන බොන වේලා වලදි. මේක ඉතින් අමුතු ඇටේ නිසා කන වෙලාවම අල්ලල ඕවා දානවා. ඌරන්ට මොන සෞඛ්‍යද නේද? කෙනෙක් කියන්න පුලුවන් උඹට ඔච්චර අවුල, උඹ ඕකට යන්නෙ යන්නෙ නැද්ද කියලා. හපොයි යනවා. ගිහින් එකේ තියා ගෙන බත් කන්නේ නෑ.

නම් සඳහන් කරාට ඕවට රඟපාන මිනිස්සුන්ගෙ ඇති වැරැද්දකුත් නෑ. මේ වානිජ කරනය  වෙච්ච ලෝකේ ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි. වැරැද්ද කිසිම ක්‍රම වේදයක්, සම්මතයක් නැති වීම කියලයි මට නම් හිතෙන්නේ. කොහොමත් අපේ රටේ බොහෝ ජනමාධ්‍ය වලට සම්මතයක් නෑනේ. මතකයිනේ ක්‍රිකට් ලෝක කුසලානේ කාලේ "නංගි පෙන්නා අක්කා දීග දීම" ජයටම කරපු හැටි.

මේක මේ වගේ සිද්දි වලින් එකක් විතරයි. ඇස් කන් ඇරල බැලුවොත් තව දුසිමක් විතර ලෙසියෙන් හොයා ගන්න පුලුවන්. වැසිකිලි පිරිසිදුව තබා ගැනීම හොඳයි. හාපික් වගේ හොඳ පිරිසිදු කාරකයක් යොදා ගැනීම හොඳා......යි. ඔහොම කරන්න කියල කියන එක කන බොන Time Belt අතෑරල කියනවා නම් වඩා......හොඳා......යි.

7 comments:

  1. TV බලන්නේ නැතිව හිටියම ඔක්කොටම වඩා හොඳා ආ ආ යි :D

    ReplyDelete
  2. @deeps : එහෙම තමයි කරන්නේ. ප්‍රවෘත්ති ටිකක් බලන්නනෙ tv එක ඉස්සරහට එන්නේ :(

    ReplyDelete
  3. ලංකවෙ TV බැලිල්ල හද්ද අප්පිරිය වැඩක් වෙලා ගොඩක් කල්....

    ReplyDelete
  4. මට නම් ටිවි අරහන්..අවශ්‍යම ඔනේ දෙකට දැන් ඉන්ටර්නෙට් තියෙනවානේ.. ඇඩ් කපපු ප්‍රවෘත්ති ත් බැලුව හැකිනේ..ටිවි ඔනේ...ම නැ...ඇති වැඩකුත් නැහැ..මොකෝ ඇඩ් ගොඩයි..ප්‍රවෘත්ති අල්පයයි..

    ReplyDelete
  5. අනිවා.. මටත් ටී වී තිත්තවෙලා තියෙන්නෙ. ආණ්ඩුවෙ චැනල් එකක නිවුස් බැලුවොත් ටීවී එක පොළවෙ ගහන්නයි හිතෙන්නෙ. අනික් ඒවා වල යන ඒවත් වැඩක් නෑ. හොඳම වැඩේ ඔය බම්බුව බලන්නෙ නැති එක තමයි.

    ReplyDelete
  6. ප්‍රවෘත්ති බලන්නමත් නෙවෙයි TV එක ගාවට යන්නේ. දවසෙම කාමරේට වෙලා කම්පුටර් එක ඉස්සරහ ඉන්නෙ නැතුව, ගෙදර මිනිස්සු ඔක්කොමල ටික එක තැනකට සෙට් වෙන වෙලාවනෙ රෑ කෑම කියන්නේ, ඒකයි.

    ReplyDelete
  7. ඒකනම් එත්ත මචන්. ගෙදර මිනිස්සු එක්ක කතා කරන්නවත් තියෙන්නේ ඔය වලව විතරයි. ඒ වෙලාවත් මුන් කනවා.

    ReplyDelete