2012-08-01

7 58 වාට්ටුව

අවුරුද්දකුත් වෙන්න ආවා අන්තිම post එක දාලා. දැන් ඉතින් කෙලක් වැඩ නොවැ. වැඩිය තියා facebook යන්නෙත් සති අන්තෙට වගේ ඩින්ගක්. ලියන්න ඕනමයි කියල හිතන් හිටියත් වෙලාවක් නැති නිසා මග ඇරුනා. අන්තිමට post එක ලියපු දාට වඩා ජීවිතේ ගොඩක් වෙනස් වෙලා. කැම්පස් එකෙන් out වෙලා. රස්සාවක් කරනවා. පඩියක් ගන්නවා. ජීවිතේ ගැන වෙනම විදියකට හිතනවා.

ඔය සේරම අතරේ පහුගිය මාස කීපය ඇතුලේ දෙපාරක් ඉස්පිරිතාලේ යන්න වුනා. මගේ අසනීපයකට නෙවෙයි. මුලින්ම මල්ලිට ඩෙංගු හැදිලා. දවස් 8ක් විතර කරාපිටියේ නවත්තල හිටියා. ඒක උණ වාට්ටුවක් නිසා, කට්ටිය එච්චර කතාවක් බහක් නෑ. පාඩුවෙ ඉන්නවා. දෙවැනියට අපේ පුබ්බ කාර් එකකට පොඩි අඩයක් තියලා. කකුලෙ ඇඟිල්ලක් කැඩිලා. ඌව මේ දවස් වල ජාතික රොහලේ 58 වාට්ටුවේ නවත්තල ඉන්නවා. අන්න වාට්ටුව. සේරම ඉන්නේ කැඩුම් බිඳුම් කාරයෝ. ඔන්න ඔය කියාපු 58 වාට්ටුව ගැනයි කියන්න හිතුනේ. අපේ මල්ලි නවත්තල හිටපු කරාපිටියේ 19 වාට්ටුවත් එක්ක පොඩි සංසන්දනයකුත් වේවි.

වාට්ටු වල තත්වය කතා කරොත් 58 ඉතාම ඉහල ගනයේ තියනවා. පිරිසිදු බවත් හොඳයි. මදුරු කරදරත් නෑ. දවසකට දෙපාරක් මොප් කරල සුපිරියටම තියනවා. 19 නම් එකේ සම්පුර්ණ අනිත් පැත්ත. මකුලු දැල් බැඳිල, බිම ජරා වෙලා, වැසිකිලි අවීචිය වගෙයි. ඔය රෝහල් දෙකම ප්‍රධාන ගනයේ රෝහල්නේ. වෙන් කෙරෙන සහ ලැබෙන මුදල් වල ලොකු වෙනසක් තියෙන්නෙ බෑ. හැබැයි පරිපාලනයේ නම් මාර ලොකු වෙනසක් තියන බව නම් හොඳටම පේනවා.

58 ඉන්නේ සේරම අත පය කැඩිච්ච කට්ටිය කියල මම කිව්වනෙ. විවිධ ජාතියෙ කට්ටිය, විවිධ අනතුරු වලින් විවිධ කාලයන්ට රොහල් ගත කරලා. පුබාගේ ඇඳ ගාවම ඉන්න කෙනා නම් කිව්වේ වැඩිපුර තියෙන්නේ මෝටර් බයික් අනතුරු තමයි කියල. කාර් එකකට වැදිල ගේන්නෙ එහෙමත්ම කලාතුරකින්ලු. පොර කීමට කියන්නේ මචන් මම Pulsar, අරූ FZ, එහා එකා Platina, මූ Discovery  කියලා. කොහොම හරි සෑම ජාතියෙම බයික් කාරයො නම් ඉන්නවා. සමහරු පොල් ගස්වල, ලයිට් කණු වල වැදිලා. තවත් එවුන්ට නින්ද ගිහිල්ලා. සමහරු හප්පලා වාහන කාරයො පැනල ගිහිල්ලා.

සමහරුන්ගේ අත කපලා, තව එකෙක්ගේ කකුල කපලා, අනිත් එකාගේ කකුල තැන් බර ගානකින් කැඩිල නිකන් දුන්නක් වගේ. ඒව දැක්කම නම් බයික් පදිනව තියා එලියට යන්නත් බය හිතෙනවා. කොහොම හරි ඉතින් මේ නේවාසිකයෝ ටික දීර්ඝ කාලිනව 58 වාසස්ථානය කර ගෙන ඉන්නවා. වැඩිම කාලයක් ඉන්න කෙනා දැනට අවුරුදු 2යි මාස ගානක්ලු. පුබාගෙ එහා පැත්තේ ඉන්න එකා මාස 2කට වැඩියි.

වේදනාව කොච්චර වැඩි වුනත් කට්ටිය විනොදෙන් ඉන්න උත්සාහ කරනවා. ගෙවල් වලින් ගේනෙන කෑම ටික බෙදාගෙන කනවා. වෙනම උප සංස්කෘතියක්. වාට්ටුවට නම් කට්ටිය ඒවි. දවස දෙක, මාසේ හමාර, අවුරුද්ද දෙකත් ඉඳල යන්න යාවි. හැබැයි ඒ යන එන කෙනා තමන් වෙයිද කියල සක්කරයටවත් කියන්න බෑනේ.

ඉතින් 58ට යන එන වාරයක් පාසා මට නම් හිතිච්ච දෙයක් තියනවා. ජීවිතේ හැම මොහොතක්ම විඳිමින් ජීවත් වෙන්න ඕන. මොකද ඊලඟ මොහෙතේ වෙන දේ අපි කවුරුවත් දන්නෙ නැති නිසා. නැත්නම් අපිටත් මොහොතක් ඒවි, "අපරාදේ කකුල තිබුන කලේ football ගැහුවෙ නැත්තේ" කියල හිතෙන. ඊට වඩා හොඳයිනේ "කකුල තිබුන කාලේ නම් football ගැහුව" කියලා හිතෙන එක. 

7 comments:

  1. ඔය සමහර ඈයින්ට මෝට සයිකලයට නැග්ගට පස්සෙ හිතෙනවා ඇත්තේ තමන් නැග්ගෙ දඬුමොණරෙට කියලා වෙන්න ඇති. ඒකනෙ ඉගිළෙන්න හදන්නේ. අන්තීමට නවතින්න වෙන්නේ කොතනින්ද ... අපි පාරෙ යද්දී දකිනවනේ. අරහෙන් රිංගනවා ..මෙහෙන් රිංගනවා...තියෙන හදිස්සිය


    කොච්චර හදිස්සිය තිබුනත් තමන්ගේ අත පය පරිස්සම් කර ගන්න නම් පාරේ පරිස්සමෙන් යන්න වේවි. නැත්තම් ඉතින් 58 වාට්ටුවේ තමා නවතින්න වෙන්නෙ :P

    ReplyDelete
  2. Yako ubata mewa liyannath tym theyenawanee....
    wadak nathnana ape company ekata waren...ubata moona hodannawath welawak nathi wei...
    bdw niyama post eka...bt api yanneth byk wala ehen mehen dala,,..ehema nogiyoth mee colombo wala jeevetheta welawata wadakata yanna ba...

    ReplyDelete
  3. ඇත්ත තමා. බයික් එක තමයි භයානකම වාහනේ.රෝද 4 ක් ගන්න බැරිනම් පයින් ගියත් සැපයි රෝද දෙකේ යන්නේ නැතුව. අනිත් එක අර ලිහිණි කියපු කතාවත් සම්පුර්ණ ඇත්ත.

    ReplyDelete
  4. අපි පරිස්සමින් ගියත් වැඩක් නැහැ මල්ලි. වෙන කෙනෙකුගේ පොඩි වැරදිමකින් තව කෙනෙකුට ජිවිතේන් වන්දි ගෙවන්න වෙන්න පුලුවන්. ඒක බයික් එකේ වෙන්නත් පුලුවන්. රොද 4න් වෙන්නත් පුලුවන්...

    ReplyDelete
  5. ඉස්සර තරුණයා පත්තරේ ගියා 33 කාමරේ කියලා ලිපි වගයක්...

    ReplyDelete
  6. මගේ යාළුවගේ බ්ලොග් එකේ මේ පොස්ට් එක දැක්කම comment එකක් දාන්නම ඕනේ කියල හිතුනා.NHSL එකේ මම නම් හිටියේ 74 වර්ඩ් එකේ.මන් දන්න විදියට NHSL එකේ orthopaedc wards කීපයක්ම තියෙනවා.(58,74,76)මුලින්ම කියන්න ඕනේ කරාපිට්යේ hospital එක්ක බැලුවම NHSL එකේ orthopaedc wards සිය දහස් ගුණයකින් ඉදිරියෙන් ඉන්නවා.ශානක කිව්වා වගේ පිරිසුදු කම අතින් උපරිමයි.දවසට දෙපාරක් මොප් කරනවාඒ වගේම සති දෙකකට පාරක්වත් ward එක හෝදනවා.ward එකක් කිව්වට ward එක පුංචි පුංචි cluster වලට බෙදලා හොදට ඉඩ කඩ තියෙනවා.තවත් වැදගත් දෙයක් තමයි ඇදන්.හෙම ඇදක්ම move කරන්න පුළුවන් විදියට රෝද තියෙනවා. X-tray එකක් ගන්න ඕනේ උනත් අමාරු ලෙඩ්ඩු කරාපිටියේ වගේ bed එකෙන් troly වලට මාරු කරන්නේ නැ.හත් අට දෙනෙක් bed sheet එක පිටින් උස්සල ට්‍රොලීයට දානකොට දෙවියෝ සිහිවෙනවා.මන් කරාපිටියේදී ඒ දුක හොදට වින්ද.ඇද පිටින්ම හොස්පිටල් එකේ අවශ්‍ය තැනට අරගෙන යනවා.එක තමයි ලෙඩාට තියෙන ලොකුම උදව්ව.මොකද අමාරු ලෙඩෙක්ට ඇදෙන් trolyට මාරු වෙනවා කියන්නේ මරනවා වගේ. ඇදන් අපි කැමති විදියට උස්සන්න පහත කරන්න පුළුවන්.හැම ඇදකම නැගිටින්න වාරු ගන්න ආධාරක තියෙනවා..

    NHSL එක තුල privacy කියන දේ උපරිමෙන් ආරක්ෂා කරලා තියෙනවා. කරාපිටියේ privacy කියල දෙයක් ඇත්තෙම නැ.orthopaedc wards වල ඉන්න අමාරු ලෙඩෙක්ට ඉතින් මාසයක් දෙකක් යනකං ඇදෙන් බහින්නවත් බෑ.හැමදේම කරන්න ඕනේ ඇද උඩම තමා. එක නිසා privacy කියන දේ ගොඩක්ම වැදගත්.NHSL එකේ හෙම බෙඩ් එකක්ම සම්පුර්ණයෙන්ම cover කරගන්න curtains තියෙනවා.හරිට්‍යට පුංචි room එකක් වගේ.

    අනිත් වැදගත්ම දෙය තමයි nurce ලගේ කරුණාවන්තකම.මම අනිත් wrds වල නම් දන්නේ නෑ.එත් 74 නම් nurce ලා හරිම හොදයි.කවදාවත් ලෙඩෙක්ට බනින්නේ නෑ.මන් ඇහුවම ඒ මොකද කියල එක එයාලගේ සංස්කෘතියක් ලූ . මේ හැම කරුණක්ම සලකල බැලුවම NHSL එක මන් හිටපු ward එක private හොස්පිටල් එකක් තරමටම අගය කල යුතු සේවාවක් ලබා දෙනවා.

    මට තව දෙයක් කියන්න අමතක උනා.NHSL එකේ orthopaedic surgeries කරන්න නවීන opperaton theaters තියෙනවා. තුවාල නැත්තම් බොහොම ඉක්මනට surgeries වලට ගන්නවා.කරාපිටියේ වගේ මස ගණන් දුක් විදින්න ඕනේ නෑ.හැම pationt කෙනෙක්ම ඉක්මනට opperation කරන්න surgents ලා පුදුම විදියේ කැපකිරීමක් කරනවා.

    හොස්පිටල් එකට ගොඩක් ඇඩ්මිට් කරලා ඉන්නේ moter bike සහ tri-wheel අනතුරු නිසා අත පය කැඩුණු අය.ඒ වගේම පොල් ගස්,කොස් ගස්,තැබිලි ගස් වලින් වැටුණු අය,පාරේ අව්දිනකොට පස්සෙන් ඇවිල්ල හප්පන් ගිහිපු අයත් ඉන්නවා.ඒ අතරේ අවරුදු හත අට වර්ඩ් එකේ ජිවත් වෙන අයත් ඉන්නවා.ලෙඩ්ඩු අතරේ තියෙන්නේ අමුතුම සංස්කෘතියක්.එක ඉතින් වචනයෙන් විස්තර කරන්න බෑ.

    accdent වර්ඩ් එකේ රෑට විනාඩි 15වක් ඉදල බලන්න කොයි තරම් අමාරු ලෙඩ්ඩු එනවද.ගොඩක් අනතුරු , වලි වලට හේතුව අරක්කු.accident ward එකට එක පාරක් එන කෙනෙක්ට ජිවිතේ කියන්නේ මොන තරම් අවිනිශ්ෂිත දෙයක් ද කියල හිතෙනවා.ඒ වගේම නොසැලකිලිමත්කම,අරක්කු වල ආදීනව ගෙන හොදට දෙන ගන්න පුළුවන්.

    මේ විදියේ අනතුරක් උනාම ගොඩක් දුක් විදින්න වෙනවා.එත් හැම අත්දකිමකින්ම ජීවිතේට පන්නරයක් ගන්න ඕනේ.මෙහෙම දෙයක් උනාම හැමදාම අපි දුව දුව හිටපු ජිවිතේ දිහා නැවතිලා බලන්න පුළුවන් වෙනවා.ඒ හැම දේම අපේ ජිවිතේ වැරදි හදා ගන්න යොදා ගන්න ඕනේ.

    ReplyDelete
  7. ස්තූතියි හැමෝටම. ඇවිත් ගියාටයි, කමෙන්ට් කරාටයි.

    ReplyDelete