
නිවාඩු කාලේ පටන් ගත්ත මුල්ම වැඩේ, අර රිමෝට් එකෙන් කාමරෙ ලයිට් එක නිවන්න - පත්තු කරන්න හදපු අයිටම් එක. ඒක නම් එළටම ගොඩ දාගත්ත. ඔන්න තියනව පින්තූරෙකුත්. හිතුවට වඩා හොඳ නිමාවක් ගන්නත් ඇහැක් වුනා. ඉර එලියෙන්වත්, වෙන මුකුත් ප්රභවයකින්වත් interferences නැති වෙන්නම ඇණේ ගැහුවා. හදන්න ඕන කෙනෙක් ඉන්නවනම්, කෙලින්ම අපේ අරුණ මහත්තය ඇමතුව නම් හරි. මොකද design එක proprietary එකක් නොවැ ;)
මාස 2ටම ඇකක් දාගන්න නම් බැරි වුනා. හැබැයි CCNA exam එක නම් ගොඩ දාගත්ත. හිතාගෙන හිටියෙ exam එක කවද කරන්න වේවිද කියල sure නැතුව. උන්න හැටියට මළා මැදැයි කියල SMPS එකත් අටව ගත්තා. මේ ලියන්නෙත් ඒකෙ පොඩි පොඩි වැඩ ටිකක් කරන අතරෙදිමයි. SMPS හදන එකත් මාරක අනතුරු සහිත ක්රියාවලියක් නොවැ. Capacitor එකක් පුපුරන්න ගිහින් පාරක් යන්තම් බේරුනේ. ඇඟිල්ලක් බවුත් එකට පිච්චිලා හොඳ වුනේ ඊයෙ පෙරේදට. ඊයෙ රෑ අත කීප සැරයක්ම පිච්චුනේ අම්බානක රත් වෙලා තිබ්බ FET එක අල්ලන්න ගිහින්. ඇයි ඒ විතරක් නම් කමක් නෑ, මගේ පොකට් එකට තමයි බරපතල ලෙස හානි වෙලා තියෙන්නේ. දැනටත් රුපියල් වලින් 2000ක් විතර කයිට් වෙලා. අපේ මීයලා මේවට සම්මදන් වුනා නම් තමා, පොකට් එක ICU එකෙන් එලියට ගන්න ඇහැක් වෙන්නේ.
ඔය අතරේ ඉතින් වෙනදා වගෙම අපි විනෝද වෙන්නත් අමතක කරේ නෑ. රූමස්සල සුදු වැල්ලේ දාපු ලෝකල් BBQ එකට නම් සම්පුර්ණ credit එක පුබාගේ මස්සිනාට. අම්මෝ එදා නම් යන්තන් ගෙදර යාගත්ත රෑ 8-9 විතර වෙන කොට. දෙනියාය පැත්තෙන් සිංහරාජේ ගියෙත් පහුගිය නිවාඩු කාලේදිමයි. දවස් 3ක් එහේ හිටියයි කියමුකෝ. තවත් දිය ඇලි නම් එපා කියාගෙනයි අපි ගෙදර අවේ. හතක්ම බැලුවනේ, දියඇලිම. :D
අන්තිමට අපේ RCG 2006 Group එකේ get together එක. සූ ගාල කොල්ලෝ ටික ඇවිත් හිටියා. පළවෙනි get එකේ සතුට නම් අපේ ඉහටත් උඩින්. අයේ ඉතින් සුපිරිම ආතල් එකක් ගත්ත. සමහරු නම් කිව්වේ "උඹ ආතල් ගත්තා, අපි චාටර් වුනා" කියලා. ඒවත් වෙන්න එපැයි. නැද්ද මං අහන්නේ?
එල එල...,
ReplyDeleteමේ පාර නම් මගෙ අතිනුත් වැඩකට ඇති එවා ටිකක් කෙරුනා..
අනිවා පොකට් එක ගොඩ දාන්න අධාර එකතු කරමු......
හී හී .....
රසවින්දිමින් කියෙව්වා.
ReplyDeleteමේකට "එල කිරි" කියල කම්මෙන්ටුවක් නොදැම්මොත්
හිතට හරි නෑ වගෙ......
ඔය අරුණ කියන කෙනාගෙන් අපිටත් අරවා එකක් හදා ගන්න බැරි වෙයිද දන්නේ නෑ නේ??
ReplyDeleteමම නම් දෙය්යනේ කියල ලොස් උනා
ReplyDelete@මීයා : නැත්තන් ඉතින් තොපිව මරන් කන්න තමයි මට වෙන්නේ :P
ReplyDelete@සඳුන් : තැන්කූ කිව්වේ නැතොත් මගේ හිතට හරි නෑ වගෙ.....:D
@deeps : ඔන්න පල්ලෙහා ඉන්නවා. අහල බැලුවනම් :)
@අරුණ : උඹ කවදද ලොස් නොවුනේ?:P