Showing posts with label විනෝද. Show all posts
Showing posts with label විනෝද. Show all posts

2011-04-23

9 සීලවඩිච්චි

සීලවඩිච්චි කාල තියනවද? අඩු ගානේ අහල තියනවද සීලවඩිච්චි ගැන? මම නම් කාල තියනවා. එක පාරටම සීලවඩිච්චි ගැන මතක් වෙච්ච හේතුව කියන්නම් ඉස්සෙල්ලාම. අවුරුද්දට ඉතින් අපිත් ඇවිදිනවනේ රට සේරොම. මමයි අම්මයි පහුගිය දවසක ගියා අපේ නෝනෙ අක්කලගේ ගෙදර. නෑකමට නම් අපෙ පුංචි නැන්දගේ දුව. මට මුලින්ම මාමේ කියපු පොඩි එවුන් දෙන්නගෙ අම්මා.

අක්ක තමයි අපිට සීලවඩිච්චි හදල දීල තියෙන්නේ. එකට විශේෂම හේතුව වුනේ අත්‍යවශ්‍ය වෙච්ච දෙයක් තිබුනේ අක්කලගේ ගෙදර. මේක හදන හැටි හරියටමනම් මතක නෑ. හැබැයි මතක හැටියට කියන්නම්. හදල බීල මුකුත් වුනාට පස්සේ මට විතරක් බනින්න එපා හරිය. 

හොඳවයි කුරුම්බා ගෙඩියක් තමයි මුලින්ම ඕනේ. කුරුම්බා කිව්වමයි මතක් වුනේ, දැන් කාලේ ඉතින් කුරුම්බා හොයනත් නෑනේ. මිනිස්සු කුරුම්බා පොල් වෙනකන් තියල වික්කම මාර ලාබයිනෙ නේද. තැඹිලි නම් තියනව, හැබැයි අපෙ වැඩේට හරියන්නෙ නෑ. කේරලෙන් ගෙනාපුව වුනත් කමක් නෑ කුරුම්බම වෙන්න ඕනේ.

කුරුම්බා ගෙඩිය කපල වතුර වෙන් කර ගන්නවා. ගෙඩිය පලලා ලොඳෙත් හූරල වතුරටම දානවා. ඕකටම සීනිත් දානව කියලයි මතකේ. ඊට පස්සේ තමයි අර කියපු අත්‍යවශ්‍ය වෙච්ච දේ ඕන වෙන්නේ. ඒ තමයි මොනිස් විස්කෝතු. අක්කලගේ තාත්තා සතියකට පාරක් විතර කොළඹ ගිහින් එන කොට අනිවාර්යෙන් ගේන ජාතියක් තමයි මොනිස් විස්කෝතු. කාපු අයනම් දන්නව ඇති, මාර රහයි. ඉතින් මොනිස් විස්කෝතුත් කුඩු කරලා අර කුරුම්බා වතුර එකටම දානවා. ඕක ඉතින් ශීතකරනෙක තියල ගත්තනම් ෂා....! මරු.

රත්ගමින් ගිංතොටට ආවත් හරි සීලවඩිච්චි දැක්කෙත් නෑ. දැන් ඉතින් අක්කටත් වැඩ කෝටියක් නිසා, ආපහු සීලවඩිච්චි කන්න/ බොන්න හම්බවෙන එකකුත් නෑ.

ආපහු ඔන්න සිංහලෙන්ම කිව්වා....

Reader discretion is advised

හදල බීල මුකුත් වුනාට වගකියන්නේ නැතෝ........





ප.ලි.
"මෝනිස්" කියන්නේ කලුතර පහු කරල ගාල්ල පැත්තට එන කොට තියන ප්‍රසිද්ධ හොටෙල් එකක්. හුගක් ප්‍රසිද්ධ විස්කොතු නිසා.

2011-04-13

3 කිරිල්ල, බලුදං සහ කැපෙන කරත්තය

ටික දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුන නිසා හිත හිත ඉද්දින් නිකමට වගෙ මගේ මතකෙ දිව්වා අපි පොඩි කාලේ අවුරුද්දට කරපු වැඩ කීපයකට. "යකෝ මූ පොඩි කාලේ කියල කියන්නේ, දැන් ලොකුද?" කියල කවුරුත් අහන එකක් නෑ කියල හිතමුකෝ. 

කොහොම හරි මම 7 වසරට වෙනකම් වගේ අපි හිටියේ රත්ගම. ඒ අපේ තාත්තලගේ මහ ගෙදර. ඉතින් ඒ කාලේ එක සිංහල අලුත් අවුරුද්දක් රත්ගම හිටියොත්, බොහෝ විට අනිත් අවුරුද්දේ අපේ අම්මලගේ මහ ගෙදර. ඒ කිව්වේ බෙලිඅත්තෙ. හරියටම කියනවනම් ගැටමාන්නේ. අපි ගිංතොට අලුතෙන් හදපු අපේ ගෙදරට ආවට පස්සේ නම් සිංහල අලුත් අවුරුද්දට අනිවාර්යෙන් හිටියේ අපේ ගෙදරමයි. 

අපි පොඩි කාලේ වගේම අදටත් ගැටමාන්නේ යන්න මාරම ආසාවක් තියෙන්නේ. හේතුව නිතර යන්න ලැබෙන්නේ නැතිවීමටත් වඩා, අපේ මාමා විය හැකියි. ඒ අපේ අම්මගේ බාලම මල්ලී. අපි කියන්නේ "බේබි මාමා" කියල. ඉතින් අපි ගියාම අපිට මාර සැලකිලි. සෙල්ලම් කරන්න එනවා, සෙල්ලම් බඩු හදල දෙනවා, වේල් 3ටම කවනවා. ඒ මදිවට කවන ගමන් කතාත් කියනවා. අපි ගැටමාන්නේ යන්න තිබ්බ ආසාව කොච්චරද කියනව නම්, අම්මට පේපර්  මාකින් යන්න ඕන වුනාම කරන්නේ අපිව ගිහින් ගැටමාන්නේ ඇරලවන එක. ඔය හදල දෙනවා කියපු සෙල්ලම් බඩු තමයි මට එක පාරට මතකෙට ආවේ.

අවුරුදු නිවාඩුවට යන අපිට අනිවාර්යෙන් හදල දෙන පලවෙනි සෙල්ලම් බඩුව තමයි බට තුවක්කුව. බට කපල, සුද්ද කරලා, හොඳ හයිය අච්චු කූරක් හොයල එකට දාල තමයි වැඩේ ඉවර කරන්නේ. වෙඩි තියන්නේ කිරිල්ල ගෙඩිවලින්. ගෙදර වත්තේ ඕන තරම් කිරිල්ල ගස් තිබ්බා. වෙඩි තියනකොට අච්චු කූරත් 3-4 වතාවක් කැඩෙනවා. ආපහු අච්චු කූර දාල රෙපෙයාර් කරල පාවිච්චි කරනවා. ආපහු ගෙදර එනකොටත් ඕක උස්සන් එනවා. රත්ගම නම් කිරිල්ල හොයා ගන්න තැනක් දැනන් හිටියේ නෑ. ඒ වෙනුවට හොඳට ගැලපුන බලුදං කියල ගෙඩි ජාතියක් පංසල් වත්තෙන් හොයා ගත්තා. තුවක්කු බටේ වේලුංකාල පැලෙනකම්ම කෙරුවාව නෙවෙයි නවතින්නේ.

ඊලඟට හොඳටම මතක තියෙන්නේ "කැපෙන කරත්තය". සාමාන්‍යයෙන් නම් කෝටුවකට ටින්  පියනක් ඇනයකින් ගහල හදන නිකම්ම නිකන් කරත්තෙට වඩා මේක වෙනස්. හොඳ කෙලින් තියන දිග මකුලත කෝටුවක් අරන් ඒකෙ පහලින් "T" හැඩයට හිටින්න, තනි ඇනයකින් ගහනව තව පොඩි කෝටුවක්. දැන් ඔය පොඩි කෝටුවට කරකැවෙන්න පුලුවනිනේ. පොඩි කෝටුවේ දෙකෙලවරට හයිකරනවා රෝද 2ක්. රෝද හොඳට කරකැවෙන්න හයි කරන්නේ කොහොමද කියනම් මට මතකයක් නෑ, හැබැයි රෝද කපන්නේ නම් සෙරෙප්පු වලින් කියලනම් මතකයි. තවත් පොඩි කෝටුවක් අරන් අල්ලන පැත්තෙන් කලින් විදියටම හයිකරලා, අදිනවා ගෝනි නූල් 2ක් පහල පොඩි කෝටුවට. උඩින් තියන කෝටුව හරවන කොට යට කෝටුවත් හැරවිලා කරත්තෙ කැපෙනවා. ඔන්න යන්තන් රූපෙකුත් බලි ගෑව තේරුන්නැත්තන් බලන්න.

අනිත් වැදගත්ම එක තමයි පොල්පිති බැට් එක. අමු පොල්පිත්තකින් කපන බැට් එකකින් දෙන්න පුලුවන් බෝල පැලෙන්න. ඒත් එක්කම මකුලත් කොටු වලින්ම විකට් කූරු 3කුත්  කපා ගන්නේ ෆුල් ප්‍රොෆෙශනලි වැඩේට බහින්න. කොහොම හරි පවුලේ පොඩි නඩේ නම් අවුරුද්දට අනිවාර්ය්‍යයෙන් මදි නොකියන්න සෙල්ලම් කරන බවනම් තාම අද වගේ මතකයි.

අලුත් අවුරුද්දට කලින් ආපහු ලියන්න වෙන එකක් නෑ මම හිතන්නේ. එහෙනම් හැමෝටම සාමය සතුට පිරි, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්තනා කරන ගමන් අපි කැපෙනවා.

2011-03-17

5 නංගි පෙන්නා අක්කා දීග දීම

පහුගිය ටිකේ අපි exam stress එක අඩු කරගන්න කියල කරේ අතරින් පතර මැච් බලපු එක. අපේ floor එකේ TV එකක් තියන නිසා ඇක දැමිල්ලයි, TV බැලිල්ලයි හොඳට synchronize කරගන්න ඇහැකි වුනා. ඉතින් ඔය අතරෙදි අපේ එවුන්ගෙ ඇඟේ ලේ රත් කරන වැඩක් නිසා, ජාතික රූපවාහිනියේ eye නාලිකාවේ  මැච් එක අතරේ දැන්වීම් දාන  එකාට ජාතිය අමතන්න වුනේ 2-3න් පාරක් නෙවෙයි. ඌ එතන හිටියනම් ජොබ් එක අත ඇරල ගෙදර යනවා ෂුවර්.

කට්ටිය හැබැහින් දැකල තියනවද නංගි පෙන්නල අක්කා දීග දෙනවා? ඔව්වා එච්චර හොඳ දේවල් නම් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුලුවන්. ඇත්ත, හැබැයි මේවා සිද්ද වෙන දේවල්. වැඩියම කලබල වෙන්නත් එපා. මේ කියන නංගි තමයි ලෝක කුසළාන ක්‍රිකට් තරඟ. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින ඒවා. එතකොට අක්ක තමයි ඔය අතරෙ යන දැන්වීම් ටික.

හේතුව තමයි ඕවරයකට, අපිට බලන්න වෙන්නේ බෝල 5ක් වීම. පලවෙනි බෝලෙන් බාගයයි, අන්තිම බෝලෙන් බාගයයි. අන්තිම බෝලේ no හරි wide වුනොත් තව එක බෝලයක් ඉවරයි. විකට් එකක් ගියත් එච්චරයි. Channel eye එක විතරයි ටිකක් හරි හරියට වැඩේ කරකගෙන හිටියේ. දැන් උනුත් එච්චරයි.

මීට ගොඩක් කාලෙකට කලින්ම ස්වර්ණවාහිනියට ක්‍රිකට් තරඟ දෙන එක නැවැත්තුවේ අරවින්දගේ slip catch එකක් ඉන්සමාම් බාගෙට අල්ලලා, තීරනේ තුන් වැනි විනිසුරුට දාපු වෙලාවෙ දිගටම දැන්වීම් දාපු එක ආසන්නතම සිදුවීම කරගෙන කියලයි මගෙ මතකේ. සිරසට නම් news 1st නේ. අහවල් රෙද්දට මැච් පෙන්නන්න ගන්නවද මන්දා.

නිකන්ම නිකන් පෙන්නන්න කියනවා නෙවෙයි. එගොල්ලොත් ලාබ ලබන්න එපැයි. ලාබ ලබන්න කියල මැච් එක කපලා දැන්වීම් දාන එක කැතයි කියලා කියන්නයි ඕන වුනේ.

කොහොමහරි දැන් වෙලා තියෙන්නේ උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි වගේ සීන් එකක්. කට්ටියට නංගි පෙන්නලා, අක්ක දීග දෙන හැටි බලන්න ඕනේ නම් බලා ගන්න හෙට හවස 2.30 ඉඳන් රූපවාහිනිය ඉස්සරහ වාඩි වෙලා channel eye කරකවන්න.

සැ.යු. -
ඉහත ප්‍රකාශය අදාල වන්නේ අක්කාට වඩා නංගී ලස්සන අවස්තා වලට පමනක් බව කරුණාවෙන් සලකන්න.  නංගිට වඩා අක්ක ලස්සනනම් ඉතින් එපා කියන්නේ නෑනේ :P

2011-03-16

8 ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ .........

හුඟක් දවසකින් ලියන්න බැරි වුනේ පහු ගිය ටිකේ දිගටම අපිට exam තිබුන නිසා. තවත් subject 2ක් තියෙන්නත් තියනවා. ඡන්දෙ නිසා හොඳ වෙලාවට අපිට පොඩි break එකක් හම්බ වුනා. ඔන්න එහෙනම් කතාවට බැස්සා. මතකද කට්ටියට පුංචි කාලේ? මොන්ටිසෝරි යන කාලෙ විතර. සාමාන්‍යයෙන් කවුරු හරි අමුත්තෙක් ගෙදර අවොත් හරි, අපි වෙන කොහේ හරි ගියොත් හරි නොවැරදීම අහන ප්‍රශ්නයක් තමයි අද කතාවට මුල් වුනේ.

ඉතින් ඔහොම මුන ගැහෙන අමුත්තා කිසි චකිතයක් නැතුව පොඩි එකාව හුරතල් කරල කතා කරල අන්තිමට අහනව නියම ප්‍රශ්නයක්. "පුතා වැඩිපුරම ආදරේ අම්මටද තාත්තටද?" ඔන්න ප්‍රශ්නේ. ඉතින් පොඩි එකා ෆුල් හොල්මන්. අම්මට ආදරෙයි කිව්වොත් තාත්ත තරහ වෙයිද? තාත්තට ආදරෙයි කිව්වොත් අම්මා තරහ වෙයිද? සාධාරන බයක් ඇතිවෙනවනේ, නැද්ද මං අහන්නේ? පොඩි එකාගේ අර්බුදේ උග්‍ර වෙන්නේ ප්‍රශ්නෙ අහන කොට අම්මයි තාත්තයි දෙන්නම ලඟ හිටියොත් තමයි. මේ කරදරේ වැඩිම කාන්තා පාර්ශවෙන් තමයි. ඒ කියන්නේ ඇන්ටිලගෙන්.

ඔය කරදරේට මමත් මුහුන පාලා නැතුවම නෙවෙයි. හැබැයි මම ගාව තිබ්බ අහන කෙනාගෙ කනෙන් රිංගල යන්න පුලුවන් සරල උත්තරයක්. "ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ " කියල නම් නෙවෙයි :D "දෙන්නටම" කියල. උත්තරෙ දීල මම ගානට කැපෙනවා එතන නොයිඳ.

කොහොම හරි ඔය වගේ වාතෙ වෙන ඇන්ටි කෙනෙක් ආවලු කොල්ලෙක්ගෙ ගෙදර. මූත් මොන්ටිසෝරි යන ඇච්ච කාලේ. මූටත් හිටියේ තව අවුරුද්දක් විතර බාල මල්ලි කෙනෙක් විතරයිලු. ඉතින් ඇන්ටි මුලින් බටර් පාර එහෙම ගාල, කොල්ලට ඉදිරිපත් කරාලු අපේ මාතෘකා වෙච්ච ප්‍රශ්නේ. ගෙදර කට්ටියම ඉන්න තැන. හැබැයි වෙන format එකකින්. "පුතාගෙනුයි මල්ලිගෙනුයි කාටද වැඩිපුරම අම්මා ආදරේ?" මූ පැනපු ගමන් කිව්වලු "මට" කියලා. ඔන්න ඒ පාර මල්ලි මූත් එක්ක යුද්දෙලු, අම්ම වැඩිපුර ආදරේ ඌට කියලා.

මුන් දෙන්නගෙ යුද්දේන් ෆෝම් වෙච්ච ඇන්ටි, ආපහු යුද්දේ අවුලවන්න කියල වෙන්න ඇති ඇහුව දෙවනි ප්‍රශ්නෙත්. "එතකොට තාත්ත ඔය දෙන්නගෙන් කාටද වැඩිපුර ආදරේ?"

පොඩි එකත් ඇරියෙ නෑ වැඩේ. මූ කට ගත්ත ගමන් කිව්ව "අපි දෙන්නටම වඩා, තාත්ත ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ" කියල. ඇන්ටිට පොළව පලන් යන්න හිතෙන්න ඇති මම හිතන්නේ. කොහොම වුනත් ඊට පස්සේ ඔය වගෙ ප්‍රශ්න නොහා ඉන්න හිතා ගන්නවත් ඇතිනේ.

2011-02-11

5 මාස 2ක් කෙටියෙන්

සඳුදා කැම්පස් පටන් ගන්නවයි කියන්නේ. දැන් ඉතින් නිවාඩුවත් ඉවරයි. කැම්පස් යන්නේ මාස 2කටත්  වඩා පොඩ්ඩක් වැඩි කාලෙකින් නිසා යන්න කම්මැලි කමකුත් නෑ වගේ. ගෙදර ඉන්න කොට ඉතින් හොඳට කාල බීලා නාල ඇඳලා හිටියට වැඩකට ඇති වැඩක්නම් කෙරෙන්නේ නෑනේ. ඒ වුනාට මේ පාරනම් එක එක ජාතියේ වැඩ ටිකක් කර ගන්න පුලුවන් වුනා.

නිවාඩු කාලේ පටන් ගත්ත මුල්ම වැඩේ, අර රිමෝට් එකෙන් කාමරෙ ලයිට් එක නිවන්න - පත්තු කරන්න හදපු අයිටම් එක. ඒක නම් එළටම ගොඩ දාගත්ත. ඔන්න තියනව පින්තූරෙකුත්. හිතුවට වඩා හොඳ නිමාවක් ගන්නත් ඇහැක් වුනා. ඉර එලියෙන්වත්, වෙන මුකුත් ප්‍රභවයකින්වත් interferences නැති වෙන්නම ඇණේ ගැහුවා. හදන්න ඕන කෙනෙක් ඉන්නවනම්, කෙලින්ම අපේ අරුණ මහත්තය ඇමතුව නම් හරි. මොකද design එක proprietary එකක් නොවැ ;)

මාස 2ටම ඇකක් දාගන්න නම් බැරි වුනා. හැබැයි CCNA exam එක නම් ගොඩ දාගත්ත. හිතාගෙන හිටියෙ exam එක කවද කරන්න වේවිද කියල sure නැතුව. උන්න හැටියට මළා මැදැයි කියල SMPS එකත් අටව ගත්තා. මේ ලියන්නෙත් ඒකෙ පොඩි පොඩි වැඩ ටිකක් කරන අතරෙදිමයි. SMPS හදන එකත් මාරක අනතුරු සහිත ක්‍රියාවලියක් නොවැ. Capacitor එකක් පුපුරන්න ගිහින් පාරක් යන්තම් බේරුනේ. ඇඟිල්ලක් බවුත් එකට පිච්චිලා හොඳ වුනේ ඊයෙ පෙරේදට. ඊයෙ රෑ අත කීප සැරයක්ම පිච්චුනේ අම්බානක රත් වෙලා තිබ්බ FET එක අල්ලන්න ගිහින්. ඇයි ඒ විතරක් නම් කමක් නෑ, මගේ පොකට් එකට තමයි බරපතල ලෙස හානි වෙලා තියෙන්නේ. දැනටත් රුපියල් වලින් 2000ක් විතර කයිට් වෙලා. අපේ මීයලා මේවට සම්මදන් වුනා නම් තමා, පොකට් එක ICU එකෙන් එලියට ගන්න ඇහැක් වෙන්නේ.

ඔය අතරේ ඉතින් වෙනදා වගෙම අපි විනෝද වෙන්නත් අමතක කරේ නෑ. රූමස්සල සුදු වැල්ලේ දාපු ලෝකල් BBQ එකට නම් සම්පුර්ණ credit එක පුබාගේ මස්සිනාට. අම්මෝ එදා නම් යන්තන් ගෙදර යාගත්ත රෑ 8-9 විතර වෙන කොට. දෙනියාය පැත්තෙන් සිංහරාජේ ගියෙත් පහුගිය නිවාඩු කාලේදිමයි. දවස් 3ක් එහේ හිටියයි කියමුකෝ. තවත් දිය ඇලි නම් එපා කියාගෙනයි අපි ගෙදර අවේ. හතක්ම බැලුවනේ, දියඇලිම. :D

අන්තිමට අපේ RCG 2006 Group එකේ get together එක. සූ ගාල කොල්ලෝ ටික ඇවිත් හිටියා. පළවෙනි get එකේ සතුට නම් අපේ ඉහටත් උඩින්. අයේ ඉතින් සුපිරිම ආතල් එකක් ගත්ත. සමහරු නම් කිව්වේ "උඹ ආතල් ගත්තා, අපි චාටර් වුනා" කියලා. ඒවත් වෙන්න එපැයි. නැද්ද මං අහන්නේ?

2011-01-28

5 දණ ගානවද යකෝ

13 - C රෙජිස්ටෙරේ 

මේ ඉරිදා අපේ අවුරුද්දේ අපේ උන් ටික සෙට් වෙන අපේ ගෙට් එක. අපේ කිව්වෙ අපේ ඉස්කෝලෙ සෙට් එක. අපේ උන්ගේ ඇතුලත් වීමේ අංක ටික ගන්න ඕනෙ කමකට කසුන් අද ඉස්කෝලෙට ගිහිල්ල අපේ පරණ රෙජිස්ටර් ටික හොයා ගෙන ඇවිත් තිබුනා.  ඔන්න දැම්මා රෙජිස්ටෙරේ පින්තූරෙත්. 

මේක දැක්කම අපේ උසස් පෙල පන්තියේ උගන්නපු මිස්ල, සර්ල ටික අමතක කරන්නම බැහැ. මිස්ල කිව්වට වන් ඇන්ඩ් ඔන්ලි අපේ පන්ති භාර හිටපු සාවිත්‍රි මිස්. මිස්ම තමයි physics කරේ. chemistry කරපු වික්‍රමසිංහ සර්. pure කරපු රංජිත් සර් සහ applied කරපු නිමලරත්න සර්. ඇයි english කරපු පෙරේරා සර්. මිස්ට කෙසේ වෙතත් සර්ලට නම් පාවිච්චි වුනේ ඔය කියපු නම් වලින් එකක්වත් නෙවෙයි :D

දැන් ටික දවසකින් ලියපු නැති නිසා, ඉස්කොලේ දවස් වල සිද්ධ වෙච්ච පොඩි චාටර් සීන් එකක් ලියන්න හිතුනා අද. නැත්තන් කට්ටිය කියාවි මුගේ බ්ලොග් ලිවිල්ලත් සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා. කොහොමත් මගේ හුඟක් වැඩ සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි. ඒවා පස්සෙ වෙනම පොස්ට් එකකින් ලියන්නම්.

ඔන්න වැඩේ. කතා නායකයා මම. සහය නළුව මාධවය. දින වකවානුව නම් අර අමුතු ජාතියෙ 'ස' යන්න ආපුම කාලේ. ඒ දවස් වල ඉතින් කොහෙන් හරි CD එක කොපි කරගෙන තිබුන එකාට එක කොපිය ගානේ. ඕක ඒ දවස් වල කට පාඩම්. නිකන් ඉන්න කොට මුමුනන්නෙත් 'ස' යන්නෙ තියන සින්දුවක් තමයි. අදටත් අපරාදෙ කියන්න බෑ අමුන ගන්න පුලුවන් කොහොම හරි. අපි පාවිච්චි කරපු catch phrasesනුත් ඉතින් ඕකෙන්ම අහුල ගත්ත ඒවා තමයි. අහපු අය දන්නව ඇති, හුගක් තිබුනෙ අර මුස්ලිම් මනුස්සයෙක් විදියට කතා කරන ටිකේ, ෂා..... ලස්සන කියල නිම කරන්න බෑ. මාරෙටම rhyme වෙනවා. මාරම catchy.

ඉතින් දවසක් මාධවය මොකක් හරි බල බල ඉද්දි මම උගෙන් ඕක ඉල්ලුවා. මොකද්ද කියල නම් මතක නෑ. මූත් නෑහුනා වගේ ඒකම බලනවා. ඉතින් මම ඌට තේරෙන බාසාවෙන් ලස්සන catch phrase එකකුත් දාල කිව්වා "*** ලඟ දණ ගාන්නෙ නැතුව, ඕක දීපිය" කියල. phrase එක තිබුනේ  'ස' යන්නේ "පෙම්බර මදූ මගේ" සින්දුවට පාවිච්චි කරපු විස්තර විචාරේ වගෙයි මට දැන් මතක. දන්නෝ දනිති :p

කියලා හැරුන විතරයි මිස් පිටිපස්සේ. බිම හාර ගෙන යන්න නෝන්ඩිය. ඒ වගේද මිස් දිහා බලන්නත් බයයි. මිස් ෂේප් කරගන්නත් එපැයි. ඉතින් මේ ලෝකෙ නැති ඒවා මිස් එක්ක කතා කරනව damage එක control කරගන්න. මිස් නේද, කිසිම response එකක් නෑ. මතක විදියට එදා සිකුරාද දවසක්ද කොහෙද. කොහොම හරි එදා ගෙදර ගිහින් මුලු සති අන්තෙම කල්පනා කරල කරල, සඳුදා උදේ පාන්දරම දඩ physics ගානක් උස්සන් ගිහින් කිව්ව මේක කියල දෙන්න කියලා. ගාන කොහොම හරි මිස් අපිට කියල දෙන්න එපැයි. හිතුවා වගෙම මිස් ගාන කියල දුන්න. අපිත් normal එකේ ෂේප් වුනා. අපි කිව්වට මමනෙ චාටර් වුනේ. මමත් ෂේප් වුනා.

රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙනවා වගේ, ඕකම තව පාරක් වුනා. ඉතින් සුපුරුදු ගැටේ ගහල බේරුනා. ඔය ඔක්කොම වුනේ 12 වසරෙදි. 13 වෙන කොට මිස් අපිත් එක්ක මාර ෆිට්. ඒක නිසයි, Science Day එක නිසයි, මට නම් 13 වසරෙදි ඉස්කොලෙන් හොරාට පැනීමේ භාග්‍ය අහිමි වුනා. මොකද, යන්න ඕන වුනාම මිස් පන්තියේ උගන්න උගන්න හිටියත් "මිස්, මම යනව" කියල යන්න පුලුවන්කම හම්බ වුනා. වැරදිලා හරි මාට්ටු වුනොත් Science Day එක උකස් කරා.

හැබැයි අපේ උන් පනින්න ගිහින් මාට්ටු වෙලා බයිසිකල් කර ගහ ගෙන, කනේ පාරවල් කාල ප්‍රධාන කාර්යාලය ඉස්සරහ හිටපු හැටිත් මතක් වෙනවා. මගේ මතකෙ හරිනම් මාධවයයි, කසුනුයි, පනන්ගලයයි 3දෙනා පාරක් ප්‍රින්සිපල්ගේ අතටම මාට්ටු වුනා. අවුලක්නම් වුනේ නැද්ද කොහේදැයි.

අර 'ස' යන්න cd එක නම් දැන් නෑ. මාධවයගේ එක තියෙයිද දන්නෙනෑ. ඕවා නිසි ලෙස සංරක්ශණය කරන්න ඕන එව්වා නොවැ. හික්, හික්. ඇතිනේ. කුනුහරුප ලියවුනේ නැතුව ඇති කියල හිතමු. මගේ "සෝඩා බෝතලේ ඇරිය වගේ" වැඩත් එක්ක ආපහු එන්නම්.

2011-01-17

2 ටින් ටින් ගේ වීර ක්‍රියා : 3 කොටස

මගේ පාසල් මිතුරකුගේ මවගේ වියෝව නිසා පහු ගිය දින කීපයම තරමක් කාර්යබහුල වුනා. මේ ඉතිරි pdf ටික upload කරල තිබුනත් බ්ලොග් එකේ පොස්ට් කරන්න වෙලාවක් තිබුනේ නැති තරම්. ඔන්න කොහොමින් කොහොම හරි පොරොන්දු වුන විදියට ඔක්කොම දැම්මා. 

මුල් කොටස් වලට මෙතනිනුයි, මෙතනිනුයි යන්න ඇහැකි. 

එහෙනම් ඉතුරු ටිකත් බා ගත්තනං




Prisoners of the Sun >>















The Red Sea Sharks >>



In Tibet >>



The Castafiore Emerald >>



Flight 714 >>



The Picaros >>



Alph Art >>

2011-01-14

6 ටින් ටින් ගේ වීර ක්‍රියා : 2 කොටස

ඔන්න දෙවනි කොටසින් තවත් pdf 6 upload කරල ඉදිරිපත් කරනවා. තව 12ක් තියනවා upload කරන්න. ඒ ටිකත් පස්සේ දාන්නම්.

කලින් කොටසේ තිබුන මුල් pdf 2 කළු සුදු වීම ගැන කනගාටුයි. ඒවයි වර්ණ සහිත කොපියක් තියන පින්වතෙක් හෝ පින්වතියක් අපිටත් ඒක දුන්නනං....

ඔන්න බාගන්න.

The Black Island >>
















2011-01-13

9 ටින් ටින් ගේ වීර ක්‍රියා : 1 කොටස

මතකද ඉස්සර ජාතික රූපවාහිනියේ ගියපු කාටුන් ගොඩ. පිස්සු පූසා, දොස්තර හොඳ හිත, වගේ අමතක නොවෙන තවත් අපූරුම කාටුන් එකක් තමයි ටින් ටින් ගේ වීර ක්‍රියා කියන්නේ. මතක හැටියට නම් බ්‍රහස්පතින්දා හවස 5.30ටද කොහෙදෝ විකාශය වුනේ. මේක හිටි හැටියෙම මතක් වුනේ Facebook එකේ තිබිච්ච පින්තුර ටිකක් දැකලා. කවුදෝ ටින් ටින් ගේ වික්‍රම නමින් පල වෙච්ච සිංහල කාටුන් පොතේ පිට කවර ටික පොස්ට් කරල තිබුනා

ඉතින් මමත් තම පොඩි එකානෙ. ඉතින් ආපහු ටින් ටින් බලන්න ආස හිතුනා. කොච්චර හෙව්වත් මට ඕන වුන ටික නම් හොයා ගන්න බැරි වුනා. එතකොට තමයි මතක් වුනේ මම ගාව තිබුන The Adventures of Tin Tin, comics  වල pdf ටික. පොඩ්ඩක් පෙරලලා බැලින්නම් තාම ඒ CD එක කිසි අවුලක් නැතුව තියනවා. ඉතින් ආපහු ටිකෙන් ටික එක කියවන්නයි හිතන් ඉන්නේ.

ඔන්න කියවන කට්ටියටත් බලන්න දෙන්න හිතුන නිසා ඒ ටික 4shared වලට upload කරල බෙදල දෙන්න හිතුනා. දුන් දේ සුවඳයි කියනවලුනේ :P ඔක්කොම pdf 24 ක් තියනවා. අද ඒවයින් 6ක් දාන්නම්. ඉතුරු ඒව ටික  upload කරල හෙමිහිට පස්සේ දාන්නම්. දන්නවනෙ ඉතින් අපේ අන්තර්ජාල පහසුකමේ වේගෙ.

ආහ්: කියන්න බැරි වුනා, කලින් පොස්ට් වලට comment කරපු අයට බොහොම ස්තූතියි :)

ඔන්න එහෙනම් බාගන්න.











Cigars Of the Pharaoh >>



The Blue Lotus >>



The Broken Ear >>