2011-03-16

8 ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ .........

හුඟක් දවසකින් ලියන්න බැරි වුනේ පහු ගිය ටිකේ දිගටම අපිට exam තිබුන නිසා. තවත් subject 2ක් තියෙන්නත් තියනවා. ඡන්දෙ නිසා හොඳ වෙලාවට අපිට පොඩි break එකක් හම්බ වුනා. ඔන්න එහෙනම් කතාවට බැස්සා. මතකද කට්ටියට පුංචි කාලේ? මොන්ටිසෝරි යන කාලෙ විතර. සාමාන්‍යයෙන් කවුරු හරි අමුත්තෙක් ගෙදර අවොත් හරි, අපි වෙන කොහේ හරි ගියොත් හරි නොවැරදීම අහන ප්‍රශ්නයක් තමයි අද කතාවට මුල් වුනේ.

ඉතින් ඔහොම මුන ගැහෙන අමුත්තා කිසි චකිතයක් නැතුව පොඩි එකාව හුරතල් කරල කතා කරල අන්තිමට අහනව නියම ප්‍රශ්නයක්. "පුතා වැඩිපුරම ආදරේ අම්මටද තාත්තටද?" ඔන්න ප්‍රශ්නේ. ඉතින් පොඩි එකා ෆුල් හොල්මන්. අම්මට ආදරෙයි කිව්වොත් තාත්ත තරහ වෙයිද? තාත්තට ආදරෙයි කිව්වොත් අම්මා තරහ වෙයිද? සාධාරන බයක් ඇතිවෙනවනේ, නැද්ද මං අහන්නේ? පොඩි එකාගේ අර්බුදේ උග්‍ර වෙන්නේ ප්‍රශ්නෙ අහන කොට අම්මයි තාත්තයි දෙන්නම ලඟ හිටියොත් තමයි. මේ කරදරේ වැඩිම කාන්තා පාර්ශවෙන් තමයි. ඒ කියන්නේ ඇන්ටිලගෙන්.

ඔය කරදරේට මමත් මුහුන පාලා නැතුවම නෙවෙයි. හැබැයි මම ගාව තිබ්බ අහන කෙනාගෙ කනෙන් රිංගල යන්න පුලුවන් සරල උත්තරයක්. "ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ " කියල නම් නෙවෙයි :D "දෙන්නටම" කියල. උත්තරෙ දීල මම ගානට කැපෙනවා එතන නොයිඳ.

කොහොම හරි ඔය වගේ වාතෙ වෙන ඇන්ටි කෙනෙක් ආවලු කොල්ලෙක්ගෙ ගෙදර. මූත් මොන්ටිසෝරි යන ඇච්ච කාලේ. මූටත් හිටියේ තව අවුරුද්දක් විතර බාල මල්ලි කෙනෙක් විතරයිලු. ඉතින් ඇන්ටි මුලින් බටර් පාර එහෙම ගාල, කොල්ලට ඉදිරිපත් කරාලු අපේ මාතෘකා වෙච්ච ප්‍රශ්නේ. ගෙදර කට්ටියම ඉන්න තැන. හැබැයි වෙන format එකකින්. "පුතාගෙනුයි මල්ලිගෙනුයි කාටද වැඩිපුරම අම්මා ආදරේ?" මූ පැනපු ගමන් කිව්වලු "මට" කියලා. ඔන්න ඒ පාර මල්ලි මූත් එක්ක යුද්දෙලු, අම්ම වැඩිපුර ආදරේ ඌට කියලා.

මුන් දෙන්නගෙ යුද්දේන් ෆෝම් වෙච්ච ඇන්ටි, ආපහු යුද්දේ අවුලවන්න කියල වෙන්න ඇති ඇහුව දෙවනි ප්‍රශ්නෙත්. "එතකොට තාත්ත ඔය දෙන්නගෙන් කාටද වැඩිපුර ආදරේ?"

පොඩි එකත් ඇරියෙ නෑ වැඩේ. මූ කට ගත්ත ගමන් කිව්ව "අපි දෙන්නටම වඩා, තාත්ත ඇන්ටිට තමයි වැඩිපුරම ආදරේ" කියල. ඇන්ටිට පොළව පලන් යන්න හිතෙන්න ඇති මම හිතන්නේ. කොහොම වුනත් ඊට පස්සේ ඔය වගෙ ප්‍රශ්න නොහා ඉන්න හිතා ගන්නවත් ඇතිනේ.

8 comments:

  1. හහා!
    සිරාවට... හිකිස්!!!

    ReplyDelete
  2. ලොල් :D
    කටඋත්තර නෑ

    ReplyDelete
  3. අනේ හපොයි! :ඩී

    ReplyDelete
  4. හික්z ආයේ නම් අහන්න නෑ ඒ ප්‍රශ්ණය :D

    ReplyDelete
  5. වෙන එකෙක් කිව්වට උබද දන්නේ නෑ ඕක ඇත්තටම කිව්වේ :D

    ReplyDelete
  6. හුලං, TP, නදී & roylyfernando : කොමෙන්ට් වලට තැන්කූ

    Akila : දන්නෙ නෑ :P

    ReplyDelete
  7. හොද වැඩේ පොඩි එවුන් ගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහන්න ගියාට

    ReplyDelete
  8. ශිකිස් බිකිස්
    නියම උත්තරේ... ලොල්

    ReplyDelete