2011-01-28

5 දණ ගානවද යකෝ

13 - C රෙජිස්ටෙරේ 

මේ ඉරිදා අපේ අවුරුද්දේ අපේ උන් ටික සෙට් වෙන අපේ ගෙට් එක. අපේ කිව්වෙ අපේ ඉස්කෝලෙ සෙට් එක. අපේ උන්ගේ ඇතුලත් වීමේ අංක ටික ගන්න ඕනෙ කමකට කසුන් අද ඉස්කෝලෙට ගිහිල්ල අපේ පරණ රෙජිස්ටර් ටික හොයා ගෙන ඇවිත් තිබුනා.  ඔන්න දැම්මා රෙජිස්ටෙරේ පින්තූරෙත්. 

මේක දැක්කම අපේ උසස් පෙල පන්තියේ උගන්නපු මිස්ල, සර්ල ටික අමතක කරන්නම බැහැ. මිස්ල කිව්වට වන් ඇන්ඩ් ඔන්ලි අපේ පන්ති භාර හිටපු සාවිත්‍රි මිස්. මිස්ම තමයි physics කරේ. chemistry කරපු වික්‍රමසිංහ සර්. pure කරපු රංජිත් සර් සහ applied කරපු නිමලරත්න සර්. ඇයි english කරපු පෙරේරා සර්. මිස්ට කෙසේ වෙතත් සර්ලට නම් පාවිච්චි වුනේ ඔය කියපු නම් වලින් එකක්වත් නෙවෙයි :D

දැන් ටික දවසකින් ලියපු නැති නිසා, ඉස්කොලේ දවස් වල සිද්ධ වෙච්ච පොඩි චාටර් සීන් එකක් ලියන්න හිතුනා අද. නැත්තන් කට්ටිය කියාවි මුගේ බ්ලොග් ලිවිල්ලත් සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා. කොහොමත් මගේ හුඟක් වැඩ සෝඩ බෝතලේ කැඩුව වගේ තමයි. ඒවා පස්සෙ වෙනම පොස්ට් එකකින් ලියන්නම්.

ඔන්න වැඩේ. කතා නායකයා මම. සහය නළුව මාධවය. දින වකවානුව නම් අර අමුතු ජාතියෙ 'ස' යන්න ආපුම කාලේ. ඒ දවස් වල ඉතින් කොහෙන් හරි CD එක කොපි කරගෙන තිබුන එකාට එක කොපිය ගානේ. ඕක ඒ දවස් වල කට පාඩම්. නිකන් ඉන්න කොට මුමුනන්නෙත් 'ස' යන්නෙ තියන සින්දුවක් තමයි. අදටත් අපරාදෙ කියන්න බෑ අමුන ගන්න පුලුවන් කොහොම හරි. අපි පාවිච්චි කරපු catch phrasesනුත් ඉතින් ඕකෙන්ම අහුල ගත්ත ඒවා තමයි. අහපු අය දන්නව ඇති, හුගක් තිබුනෙ අර මුස්ලිම් මනුස්සයෙක් විදියට කතා කරන ටිකේ, ෂා..... ලස්සන කියල නිම කරන්න බෑ. මාරෙටම rhyme වෙනවා. මාරම catchy.

ඉතින් දවසක් මාධවය මොකක් හරි බල බල ඉද්දි මම උගෙන් ඕක ඉල්ලුවා. මොකද්ද කියල නම් මතක නෑ. මූත් නෑහුනා වගේ ඒකම බලනවා. ඉතින් මම ඌට තේරෙන බාසාවෙන් ලස්සන catch phrase එකකුත් දාල කිව්වා "*** ලඟ දණ ගාන්නෙ නැතුව, ඕක දීපිය" කියල. phrase එක තිබුනේ  'ස' යන්නේ "පෙම්බර මදූ මගේ" සින්දුවට පාවිච්චි කරපු විස්තර විචාරේ වගෙයි මට දැන් මතක. දන්නෝ දනිති :p

කියලා හැරුන විතරයි මිස් පිටිපස්සේ. බිම හාර ගෙන යන්න නෝන්ඩිය. ඒ වගේද මිස් දිහා බලන්නත් බයයි. මිස් ෂේප් කරගන්නත් එපැයි. ඉතින් මේ ලෝකෙ නැති ඒවා මිස් එක්ක කතා කරනව damage එක control කරගන්න. මිස් නේද, කිසිම response එකක් නෑ. මතක විදියට එදා සිකුරාද දවසක්ද කොහෙද. කොහොම හරි එදා ගෙදර ගිහින් මුලු සති අන්තෙම කල්පනා කරල කරල, සඳුදා උදේ පාන්දරම දඩ physics ගානක් උස්සන් ගිහින් කිව්ව මේක කියල දෙන්න කියලා. ගාන කොහොම හරි මිස් අපිට කියල දෙන්න එපැයි. හිතුවා වගෙම මිස් ගාන කියල දුන්න. අපිත් normal එකේ ෂේප් වුනා. අපි කිව්වට මමනෙ චාටර් වුනේ. මමත් ෂේප් වුනා.

රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙනවා වගේ, ඕකම තව පාරක් වුනා. ඉතින් සුපුරුදු ගැටේ ගහල බේරුනා. ඔය ඔක්කොම වුනේ 12 වසරෙදි. 13 වෙන කොට මිස් අපිත් එක්ක මාර ෆිට්. ඒක නිසයි, Science Day එක නිසයි, මට නම් 13 වසරෙදි ඉස්කොලෙන් හොරාට පැනීමේ භාග්‍ය අහිමි වුනා. මොකද, යන්න ඕන වුනාම මිස් පන්තියේ උගන්න උගන්න හිටියත් "මිස්, මම යනව" කියල යන්න පුලුවන්කම හම්බ වුනා. වැරදිලා හරි මාට්ටු වුනොත් Science Day එක උකස් කරා.

හැබැයි අපේ උන් පනින්න ගිහින් මාට්ටු වෙලා බයිසිකල් කර ගහ ගෙන, කනේ පාරවල් කාල ප්‍රධාන කාර්යාලය ඉස්සරහ හිටපු හැටිත් මතක් වෙනවා. මගේ මතකෙ හරිනම් මාධවයයි, කසුනුයි, පනන්ගලයයි 3දෙනා පාරක් ප්‍රින්සිපල්ගේ අතටම මාට්ටු වුනා. අවුලක්නම් වුනේ නැද්ද කොහේදැයි.

අර 'ස' යන්න cd එක නම් දැන් නෑ. මාධවයගේ එක තියෙයිද දන්නෙනෑ. ඕවා නිසි ලෙස සංරක්ශණය කරන්න ඕන එව්වා නොවැ. හික්, හික්. ඇතිනේ. කුනුහරුප ලියවුනේ නැතුව ඇති කියල හිතමු. මගේ "සෝඩා බෝතලේ ඇරිය වගේ" වැඩත් එක්ක ආපහු එන්නම්.

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. තව කතාවක්.......මතකද උඹේ මෝල තදවෙල අර බනානා එක්ක අ**** හැසිරෙන්න ගිහින් හක්ක පන්න ගත්තු හැටි..........:D:D:D

    ReplyDelete
  3. හොර පාරෙන් ගියාම කිසි ගතියක් නෑනෙ
    මාරුවෙන්න ගියේ MAIN GATE එකෙන්ම
    අම්මට සිරි කිව්වලු
    මෙන්න පිනා මෙතන

    "තමුන් කොහෙද මේ යන්නෙ , කාගෙන්ද අවසර ගත්තෙ??...."

    "සසසසර්.............බුදු සර්......."

    ලැබුන අලුත් JOB එකක්
    කාර්යාලයේ "දොරටුපාල"

    හොඳ ලුණු ඇඹුල් එක්ක පරිප්පුව නියමෙට සෙට් වෙනව ඔෆිස් එක ඇතුලෙ...........
    කනේ පාරක්ද....ප්‍රජා සේවය කරන්න වේද....දෙගුරුන් ගේන්න වෙයිද (මලා...)

    අන්තිමට දෙයියො අපේ මූණ බැලුව.........
    අපේ මහින්ද මාමට පින්සිද්ද වෙන්න වැඩේ ගොඩින් බේරුනා.......


    අනේ ඒ කාලෙ ආයෙම එනවනම්......:(

    ReplyDelete
  4. අර බණ්ඩා බෝම්බේ ගැනත් ලියපන් :P

    ReplyDelete
  5. මගේ CD එකත් නෑ බන් :(

    ReplyDelete