2011-01-10

13 වසර 13ක් කියන්නෙ යුගයක්

"වසර 13ක් කියන්නෙ යුගයක්, වසර 13ක යුගයක් රිච්මන්ඩ් ඇකයේ නිමා කරන අපි, තවත් එවැනිම යුගයක් රිච්මන්ඩ් ඇකයේ නිර්මාණය වෙන හැටි සතුටු කඳුලු වැගිරෙන දෙනෙතින් යුතුව බලා ගෙන ඉන්නවා" ඒ මගේ වචන නෙවෙයි. ව්‍යවහාරික වර්ශයෙන් 2005 වැන්නේ නොවැම්බර් 3 වැනි බ්‍රහස්පතින්දා රිච්මන්ඩ් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ රැව් පිලි රැව් දුන්න සංදීපගේ වචන හරඹයෙන් කොටසක්. අපි අද ආපහු ඉස්කෝලේ ගියා. ඒ ගත කරපු පැය කීපයට අපි ආපහු අපේ ඉස්කෝලෙ කාලෙට ගිහින් ආව වගේ දැනුනා.

RCSS Logo
ඒත් හදිස්සියේම කලින් කිව්ව වචන ටික මතක් වුනේ අපේම මල්ලිලා ලහි ලහියේ රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනයට ලක ලෑස්ති වෙන හැටි දැක්කමයි. එදා සංදීප ඔය ටික කිව්වෙ 2006 උසස් පෙල කණ්ඩායම විසින් කරපු "විදුරුත් නින්නද 2005" රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනයේ අවසාන විනාඩි කීපයේදියි. එම වර්ශයේ විද්‍යා සංගමයේ සභාපති විදියට, මට අපේ විද්‍යා දිනය සම්භන්දයෙන් සටහනක් තියන්න හිතුනේ "විදුරුත් නින්නද 2011" අති උත්කර්ෂවත් අන්දමින් කරන්න ලෑස්ති වෙලා ඉන්න මල්ලිලාට ධෛර්ය්‍යක් වෙන්නයි.

2004 වර්ශයේ හිරාන් චන්ද්‍රසේන අයියාගේ සභාපතීත්වයෙන්, එම වසරේත් සාර්ථකම විද්‍යා දිනය දැකපු අපේ උන්ට ඊට එහාට යන විද්‍යා දිනයක් කරන්න ඕනෑකම ආවා. ඒ ගත්ත ශක්තියෙන් අපිත් විද්‍යා දිනයක් කරන්න පටන් ගත්තේ 2005 වර්ශයට විද්‍යා සංගමය අළුත් කරගෙනයි. කියන්න ලේසියි, කරන්න ගියාම තමයි අමාරුව. විවිධ බාධා හමුවේ, අපේ උන්ට ඒ ඉලක්කය සොයා යාම එච්චරම පහසු වුනේ නෑ.

අපේම දායකත්වයෙන් සහ ආදි රිච්මන්ඩ්වරුන්ට පිං සිද්ද වෙන්න මූල්‍යමය ශක්තිය තහවුරු කරගත්තා. අපි අතරින්ම සොයා ගත්ත බ්‍රයිටො ටික ප්‍රායෝගික පරීක්ෂණ ඇතුලත් කරමින් අති විශිෂ්ඨ අන්තර් පාඨශාලීය තරඟයක් නිර්මාණය කරා. "වෙළඳපොල අධිකාරියට යටත් වුණු ලෝකයක අපි උඩුගං බලා පිහිනමින්, දැන්වීම් වලින් තොර සඟරාවක් ඉදිරිපත් කලා" ඒ සංස්කාරකවරුන්ගේ වචන.

විද්‍යා දිනය සංගීත සාජ්ජයක් බවට පත් නොකරගෙන, සිටියවුන්ට උපරිම විනෝදාස්වාදයක් දෙන්න තරම් අපේ උන් නිර්මාණශීලී වුනා. කෙල්ලො සහ කොල්ලො වෙනම කණ්ඩායම් 2කට බෙදලා, ලබා දුන්න රසායන විද්‍යා ගැටලුවට වගේම එහි ඉදිරිපත් කිරීමටත් මාස ගානක් යනකන් ප්‍රතිචාර ලැබුනා. විවිධ තාක්ෂණික කටයුතු හෙව්වෙ බැලුවෙත් අපේම සොයුරන්. ප්‍රධාන දේශනය මනෝ වෛද්‍ය ඩී. බී. හරිස්චන්ද්‍ර මහතාගෙනුයි. මම කලින් කියපු තරඟයේ ජය මහින්ද විද්‍යාලයට හිමි වුනා.

නම් ගම් ලියන එක අඩු කරේ, එහෙම ලිව්වොත් මට පන්ති 10ක හිටපු 450-500ගේ විතර නම් මෙතන ලියන්න වෙන නිසා. කමිටුවට සීමිත දෙනෙක් පත් වුනත්, විද්‍යා සංගමය කියන්නේ 12 සහ 13 වසර වල ව්‍යවහාරික සහ ජීව විද්‍යා සිසුන්ගේ එකතුවයි කියන එක, "විදුරුත් නින්නද 2005" ඔස්සේ අපිට ඔප්පු කරන්න හැකි වුනා. අපේ උන්ගේ මහන්සිය ඉස්සරහා බාධක බිඳිලා ගියා, කටු අකුල් වල මල් පිපුනා, "විදුරුත් නින්නද 2005" අති සාර්ථක වුනා. අපි විද්‍යා සංගමයෙන් සහ පාසල් මෑණියන්ගෙන් සමු ගත්තේ විද්‍යා සංගමය ක්‍රිෂන් සෙනෙවිරත්න මල්ලිගේ භාරයට පත් කරලා.

අපි එදා නිර්මාණය කරල භාවිතයට ගත්ත ලාංඡනය අදත් භාවිතා කරනවා. එදා අපි භාවිතා කරපු නම "විදුරුත් නින්නද" අදත් භාවිතා වෙනවා. ඒ ගැන අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මේ ඔක්කොටම වඩා එදා අපේ ශක්තිය වෙච්ච ප්‍රේමතිලක සර් අද අපේ මල්ලිල එක්ක ඉන්න එක අපිට නම් අනාගතයේ සුබ පෙර නිමිත්තක්.

ලියන්න නම් දෑ බොහොමයි. ඒත් අපි ලබා ගත්ත අත්දැකීම් සමුදාය නම් කවද ලියා ඉවර කරන්න හම්බ වෙයිද දන්නෙ නෑ. ලිපිය ආරම්භ කරා වගේම අවසානයටත් සංදීපගේ වචන ටිකක්ම පාවිච්චි කරන්නම්. "ඒ ඉතිහාසය සාක්ෂි දරා ඇති අයුරින්ම එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත්, විද්‍යාවේ අරුත නින්නාද වේවි එක දිගට, නොනැවතී සදාකාලික වූ අනාගතයක් බලා". එසේ නම්  ඒ සම්ප්‍රදාය මත අඩි තබා යන සාම්ප්‍රදායික නොවන ගමනකට 2011 රිච්මන්ඩ්වරුන්ට, 2006 අපෙන් ගට.


ප.ලි.
ඔන්න එදා ගත්ත පින්තූර ටිකක්


     





13 comments:

  1. 2005 විදුරුත් නින්නද යථාර්තයක් වනු දැකීමට අප හෙලූ දහඩිය බොහෝමයි..........

    වානිජකරණයේ රූකඩත් බයිස්කෝප් රැල්ලෙනුත් අනූන වූ විද්‍යා දින සංස්කෘතියයක් පැවති යුගයක විද්‍යාවේ සැබෑ අරුත් නින්නාද කිරීමට උඩුගං බලා පිහිනූ සොඳුරු මතකයන් පමණක් අප සතුවී..........කල කී සියල්ල ඒ උතුම් RICHMOND නාමයට උපහාර පූජාවක්ම වේවා................

    ReplyDelete
  2. රිච්මන්ඩ් කම හදවතටම දැනෙන ලිපියක් අයියේ... විදරුත් නින්නද 2004 කලේ අපේ අයියලා... ඒකට දුන්න CD එක write කරේ අපේ ගෙදර තියාගෙන.. එතකොට මම 9 වසරෙ.. අද වගේ තාමත් මතකයි අපේ අයියල ඒ වැඩ වලට මහන්සි උනු හැටි... මමත් day එකට කලින් දවසෙ රෑ නිදි මරාගෙන ඒ cd වල ස්ටිකර් ඇලෙව්වා... ඒ දවස් වලම තමයි මම හිතාගත්තෙ උසස් පෙලට විද්‍යා අංශය තෝරගන්නව කියල...
    එහෙම ඇවිත් අපි විදුරුත් නින්නද 2009 අති උත්කර්ශවත් විදියට කලා... මම කිසිම සැකයක් නැතුව කියනවා මගේ පාසල් ජීවිතයේ සොඳුරුම දවස් ටික තමයි අපි science day එක වෙනුවෙන් නිදිමරාගෙන මහන්සි උනු දවස් ටික.. කවදාවත් ඒව අමතක වෙන්නෙ නෑ.. හැම අවුරුද්දකම තියෙන විදුරුත් නින්නදට තමන්ට පුලුවන් උපරිමෙන්ම සහයෝගය දක්වන එක රිච්මන්ඩ් විද්‍යා සිසුවෙක්ට තමන්ගෙ රිච්මන්ඩ් අම්මට කරන්න පුලුවන් ලොකුම උපහාරයක් කියලයි මමනම් හිතන්නෙ... ඒක මේ වගේ අකුරු ටිකක් කියෙව්වට දැනෙන්නෙ නෑ... ඒ කැපවීම කරාම හිතට දැනෙන දේ කියන්න අමාරුයි.. මම මගේ උපරිම කැපකිරීම විදුරුත් නින්නදට දුන්නා.. මම ඒ සතුට වින්දා.. මේක කියවන ම්ල්ලිලට කියන්නේ.. ඒ අත්දැකීම ගන්න... ඔබ රිච්මන්ඩ්වරයෙක් වීම වාසනාවක්...!!!
    :::: RCSS අපි 2009 ::::

    ReplyDelete
  3. පොඩි නිවැරදි කිරීමක්.. අනේ විවේචනයක්නම් නෙවෙයි.. :)

    කලින් විද්‍යා දිනයේ නම උනේ "විදරුත් නින්නද" ඒත් ඒ නමේ ඝණ පිහිටීමේ අවුලක් තියනව කියල 2008 අයියල ඒක "විදුරුත් නින්නද" කියල වෙනස් කරා... මම හිතනව මම නිවැරදියි කියල.. :)

    ReplyDelete
  4. නෑ මල්ලි,
    "විදරුත් නින්නද" කියන නම "විදුරුත් නින්නද" කලේ 2006 කණ්ඩායමෙන්. 2008 කණ්ඩායමෙන් නෙවෙයි. ඒක නම් මට ඉර හඳ වගේ විශ්වාසයි.
    ඔය නම වෙනස් කිරීම පිටිපස්සේ තියෙන්නෙත් "ඝණ පිහිටීම" පිලිඹඳ ප්‍රශ්නයක් නෙවෙයි. වෙනත් බොහොම සුන්දර විනෝද ජනක කතාවක් :P හික් හික්

    ReplyDelete
  5. ඔහ්.. එහෙමද.. :) හි හි... එහෙනම් ඒ කතාව පෞද්ගලිකව අහගන්න එක හොඳයි වගේ.. :D

    ReplyDelete
  6. කොහොම අමතක කරන්නද...සමහර දේවල් අමතක කරන්න බැරි විදිහට හිතේ ඇදිලා තියෙනවා...අපි කාපු කටු...ඒව කටු උනාට ඒ කටු වලට අපි හදවතින්ම ආදරේ කරා.විභාගේ ෆේල් උනත් කමක් නෑ අපේ දෙවෙනි අම්මට සලකල ඉස්කෝලෙන් අයින් වෙනවා කියලයි අපි හිතුවේ.
    අපි අපේ ආදරනීය ඉස්කෝලෙට ණයයි..ඒත් ටිකක් ගෙව්වා..තව ගෙවන්න තියෙනවා...
    හැමදාම ගෙවනවා ඒ ණය...මට ජීවිතය කියලා දුන්නට අපේ රිච්මන්ඩ් අම්මට ගොඩාක් පින්...
    ------- ------RCSS අපි 2009------

    ReplyDelete
  7. ෂානක මං හිතන්නේ අපි අපේ විද්‍යා දිනයේ රූපාවලි ටිකත් මෙතනයි RCSS එකෙයි දිග ඇරියනම් කසුන් මල්ලිට තවත් හොඳට වැඩේ පැහැදිලි වේවි....
    2008 න් නම වෙනස් කර කියල හිතෙනව ඇත්තේ 2006 විද්‍යා දිනයක් නොකෙරුනු නිසා වෙන්න ඇති... :) :)
    ඒත් බලපන්කෝ කෙනෙක් නිසා වෙනස් වුනු නමක් ගැන අපි කතා කරන තරම :පී :පී

    ReplyDelete
  8. ඔන්න පින්තූර ටිකක් දැම්මා :)

    ReplyDelete
  9. ඔය තියෙන්නේ අපූරුවට
    විදුරුත් නින්නද !!!!!!!!!!!!!!!

    ReplyDelete
  10. හි හි... මට ෂානක අයිය කේස් එක කිව්වා.. :D :D මේකනෙ මම හිතුවෙ... මාත් 2008 ඩේ එකේ පොඩි ඩිසයිනින් වැඩ වගයක් කරා.. ඒ අයියල ඩේ එකේ ඔක්කම වැඩ කරගෙන ගියේ "විද" කියල.. ටික දවසක් ගියාට පස්සෙ තමයි ඕක "විදු" උනේ.. ඉතින් අර මම ඩිසයින් කරපු ෆයිල් කවරෙත් නම වෙනස් කරන්න කිව්වා "විදු" කියලා.. ඝණ පිහිටීමේ අවුලක් කියල තමයි කිව්වෙ.. ඒකයි මම හිතුවේ නම වෙනස් උනේ 2008දි කියලා.. හි හි.. දැන්නෙ හරි සීන් එක දන්නෙ... :D

    ReplyDelete
  11. "විදුරුත් නින්නද" ආරම්භ කලේ අපි ( RT2004 )... ඒ සදහා "විදුරුත් නින්නද" ලෙස නම් කලේනම් අපේ චක්ෂික (චක්ෂිකත් ඒ නම හදව ගත්තේ හොද සිංහල ගුරෙක්ට කියලද කොහෙද )
    2003 දී අපි විද්‍යා දිනයක් තියන්න යනවා කිව්වම principal /vice principal (අජබු) කිසි කෙනෙක් අවසර දෙන්න බෑ ම කිව්වා .. අපි වැඩේ අත ඇරලා දාන්නත් හිටියේ ... කොහොම හරි පොඩිවට හරි අන්තිමේදී වැඩේ ගොඩ දැම්ම ... දැන් වැඩේ නැගලම යනවා දැක්කම ආසාවේ බෑ

    "විදුරුත් නින්නද" වර්ධනය දිහා බලන් ඉන්නේ අපි හරිම ආසාවකින්, ආඩම්බරයකින් ...

    අපි දැන් පාසල වෙනුවෙන් අලුත් වැඩක් කරගෙන යනවා ... මුළු පාසලම පරිගණක ජාලගත කිරීම සහ පාසල් කළමනාකරණ මෘදුකාංගයක් නිපදවීම. දැන් වැඩෙන් 80% ක් විතර ඉවරය්. අපේ මල්ලිලා පාසලේදී Wi -Fi හරහා පාසල තුලදී අන්තර්ජාල පහසුකම් අත් විදින දවස ලග ලගම එනවා ...

    ReplyDelete
  12. තැන්කූ වේවා මෙ පැත්තේ ආවට.... මම පහු ගිය දවසක ඉස්කොලෙ ගියා. අම්මට සිරි බලන්න එපැයි දැන් ෆුල් රොක් වෙලා නොවැ.......

    ReplyDelete