සීලවඩිච්චි කාල තියනවද? අඩු ගානේ අහල තියනවද සීලවඩිච්චි ගැන? මම නම් කාල තියනවා. එක පාරටම සීලවඩිච්චි ගැන මතක් වෙච්ච හේතුව කියන්නම් ඉස්සෙල්ලාම. අවුරුද්දට ඉතින් අපිත් ඇවිදිනවනේ රට සේරොම. මමයි අම්මයි පහුගිය දවසක ගියා අපේ නෝනෙ අක්කලගේ ගෙදර. නෑකමට නම් අපෙ පුංචි නැන්දගේ දුව. මට මුලින්ම මාමේ කියපු පොඩි එවුන් දෙන්නගෙ අම්මා.
අක්ක තමයි අපිට සීලවඩිච්චි හදල දීල තියෙන්නේ. එකට විශේෂම හේතුව වුනේ අත්‍යවශ්‍ය වෙච්ච දෙයක් තිබුනේ අක්කලගේ ගෙදර. මේක හදන හැටි හරියටමනම් මතක නෑ. හැබැයි මතක හැටියට කියන්නම්. හදල බීල මුකුත් වුනාට පස්සේ මට විතරක් බනින්න එපා හරිය.
හොඳවයි කුරුම්බා ගෙඩියක් තමයි මුලින්ම ඕනේ. කුරුම්බා කිව්වමයි මතක් වුනේ, දැන් කාලේ ඉතින් කුරුම්බා හොයනත් නෑනේ. මිනිස්සු කුරුම්බා පොල් වෙනකන් තියල වික්කම මාර ලාබයිනෙ නේද. තැඹිලි නම් තියනව, හැබැයි අපෙ වැඩේට හරියන්නෙ නෑ. කේරලෙන් ගෙනාපුව වුනත් කමක් නෑ කුරුම්බම වෙන්න ඕනේ.
කුරුම්බා ගෙඩිය කපල වතුර වෙන් කර ගන්නවා. ගෙඩිය පලලා ලොඳෙත් හූරල වතුරටම දානවා. ඕකටම සීනිත් දානව කියලයි මතකේ. ඊට පස්සේ තමයි අර කියපු අත්‍යවශ්‍ය වෙච්ච දේ ඕන වෙන්නේ. ඒ තමයි මොනිස් විස්කෝතු. අක්කලගේ තාත්තා සතියකට පාරක් විතර කොළඹ ගිහින් එන කොට අනිවාර්යෙන් ගේන ජාතියක් තමයි මොනිස් විස්කෝතු. කාපු අයනම් දන්නව ඇති, මාර රහයි. ඉතින් මොනිස් විස්කෝතුත් කුඩු කරලා අර කුරුම්බා වතුර එකටම දානවා. ඕක ඉතින් ශීතකරනෙක තියල ගත්තනම් ෂා....! මරු.
ආපහු ඔන්න සිංහලෙන්ම කිව්වා....
Reader discretion is advised
හදල බීල මුකුත් වුනාට වගකියන්නේ නැතෝ........
ප.ලි.
"මෝනිස්" කියන්නේ කලුතර පහු කරල ගාල්ල පැත්තට එන කොට තියන ප්‍රසිද්ධ හොටෙල් එකක්. හුගක් ප්‍රසිද්ධ විස්කොතු නිසා.