2011-04-03

2 ආ මග කෙටියි, යා යුතු මග දුරයි..............

මුළු ලංකාවම බලන් හිටියත් අපිට ඕන දේ වුනේ නෑ නේද? දුකයි! මොනවා කියල කොරන්නද ඉතින්. අපේ කණ්ඩායමට වඩා ඉන්දියානු කණ්ඩායම දෙවැනි බාගයේ හොඳට සෙල්ලම් කරා කියනව ඇරෙන්න.

ඩිල්ශාන් තමන්ගේ විශිෂ්ඨත්වය තරඟාවලිය පුරාම හොඳට පෙන්නුවා. තරංගයි මැතිව්ස්නුයි ශ්‍රී ලාංකික ක්‍රිකට් අනාගතය සරු බව පෙන්නුවා. නායකත්වය කියන්නේ මොකද්ද කියල සංගා ක්‍රියාවෙන්ම පෙන්නුම් කරා. වගකීම කියන්නෙ මොකද්ද කියල අවසන් තරගෙයෙන් මහේල පෙන්නුවා.

මුරලි තවත් ජාත්‍යන්තර පිටියෙ දකින්න නොලැබෙවි. මහේල සහ සංගට ක්‍රිකට් වලින් අඩුව වෙලා තිබුන ලෝක ශූරතාවය නම් ලබන්න තවත් අවුරුදු 4ක් බලා ඉන්න වේවි.

නොලැබුන දේට වඩා ලැබුන දේ අගය කිරීමක් තමයි අවශ්‍ය. හැබැයි නොලැබුන දේ ලබා ගන්න දැන්ම ඉදන් ලෑස්ති වීමයි වැදගත්. 2007න් පස්සේ අපි ඒ ලෑස්තිවීම හරියට කරා. 2011 අවසන් තරඟයත් පැරදුනා තමයි. නොලද ජයග්‍රහනය ලබන්න 2015දි ආපහු තරඟාවලිය එනවා.

කොහොමින් කොහොම හරි වාසනාව කියන දේ ගැන කිසිම විශ්වාසයක් හිතේ නොතිබිච්ච මම, වාසනාව කියල දේකුත් බලපානවා කියල හිතන්න පටන් ගත්තා. අන්න ඒ වාසනාව 2015දී අපේ කණ්ඩායමට ලැබේවා කියන්නේ අපේ අනු ශූරයන්ට සුබ පතමින්.

"ධීර නගා දී හිරුත් සඳුත් යට
ශ්‍රී ලංකා දිනේ ලෝකේ" - සිංහ උදානය

2 comments:

  1. මුලු තරඟාවලිය දිහා බැලුවම හොඳම ජවයකින් දක්ෂතා පෙන්නුවෙ අපි. ඒක හින්ද කිසි දේකට දුක් වෙන්න ඕන නෑ. එක පිට දෙපාරක් අනු ශූරයො උනා කියන්නෙ ලේසි පාසු දෙයක් නෙමෙයි නෙ. අපේ රට ලෝකෙ ඉහළින්ම උස්සල තියපු අපේ සිංහ සේනාවට ජාතියේ උත්තමාචාරය...!

    ReplyDelete