"වසර 13ක් කියන්නෙ යුගයක්, වසර 13ක යුගයක් රිච්මන්ඩ් ඇකයේ නිමා කරන අපි, තවත් එවැනිම යුගයක් රිච්මන්ඩ් ඇකයේ නිර්මාණය වෙන හැටි සතුටු කඳුලු වැගිරෙන දෙනෙතින් යුතුව බලා ගෙන ඉන්නවා" ඒ මගේ වචන නෙවෙයි. ව්‍යවහාරික වර්ශයෙන් 2005 වැන්නේ නොවැම්බර් 3 වැනි බ්‍රහස්පතින්දා රිච්මන්ඩ් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ රැව් පිලි රැව් දුන්න සංදීපගේ වචන හරඹයෙන් කොටසක්. අපි අද ආපහු ඉස්කෝලේ ගියා. ඒ ගත කරපු පැය කීපයට අපි ආපහු අපේ ඉස්කෝලෙ කාලෙට ගිහින් ආව වගේ දැනුනා.
 |
RCSS Logo |
ඒත් හදිස්සියේම කලින් කිව්ව වචන ටික මතක් වුනේ අපේම මල්ලිලා ලහි ලහියේ රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනයට ලක ලෑස්ති වෙන හැටි දැක්කමයි. එදා සංදීප ඔය ටික කිව්වෙ 2006 උසස් පෙල කණ්ඩායම විසින් කරපු "විදුරුත් නින්නද 2005" රිච්මන්ඩ් විද්‍යාලීය විද්‍යා දිනයේ අවසාන විනාඩි කීපයේදියි. එම වර්ශයේ විද්‍යා සංගමයේ සභාපති විදියට, මට අපේ විද්‍යා දිනය සම්භන්දයෙන් සටහනක් තියන්න හිතුනේ "විදුරුත් නින්නද 2011" අති උත්කර්ෂවත් අන්දමින් කරන්න ලෑස්ති වෙලා ඉන්න මල්ලිලාට ධෛර්ය්යක් වෙන්නයි.
2004 වර්ශයේ හිරාන් චන්ද්‍රසේන අයියාගේ සභාපතීත්වයෙන්, එම වසරේත් සාර්ථකම විද්‍යා දිනය දැකපු අපේ උන්ට ඊට එහාට යන විද්‍යා දිනයක් කරන්න ඕනෑකම ආවා. ඒ ගත්ත ශක්තියෙන් අපිත් විද්‍යා දිනයක් කරන්න පටන් ගත්තේ 2005 වර්ශයට විද්‍යා සංගමය අළුත් කරගෙනයි. කියන්න ලේසියි, කරන්න ගියාම තමයි අමාරුව. විවිධ බාධා හමුවේ, අපේ උන්ට ඒ ඉලක්කය සොයා යාම එච්චරම පහසු වුනේ නෑ.
අපේම දායකත්වයෙන් සහ ආදි රිච්මන්ඩ්වරුන්ට පිං සිද්ද වෙන්න මූල්‍යමය ශක්තිය තහවුරු කරගත්තා. අපි අතරින්ම සොයා ගත්ත බ්‍රයිටො ටික ප්‍රායෝගික පරීක්ෂණ ඇතුලත් කරමින් අති විශිෂ්ඨ අන්තර් පාඨශාලීය තරඟයක් නිර්මාණය කරා. "වෙළඳපොල අධිකාරියට යටත් වුණු ලෝකයක අපි උඩුගං බලා පිහිනමින්, දැන්වීම් වලින් තොර සඟරාවක් ඉදිරිපත් කලා" ඒ සංස්කාරකවරුන්ගේ වචන.
විද්‍යා දිනය සංගීත සාජ්ජයක් බවට පත් නොකරගෙන, සිටියවුන්ට උපරිම විනෝදාස්වාදයක් දෙන්න තරම් අපේ උන් නිර්මාණශීලී වුනා. කෙල්ලො සහ කොල්ලො වෙනම කණ්ඩායම් 2කට බෙදලා, ලබා දුන්න රසායන විද්‍යා ගැටලුවට වගේම එහි ඉදිරිපත් කිරීමටත් මාස ගානක් යනකන් ප්‍රතිචාර ලැබුනා. විවිධ තාක්ෂණික කටයුතු හෙව්වෙ බැලුවෙත් අපේම සොයුරන්. ප්‍රධාන දේශනය මනෝ වෛද්‍ය ඩී. බී. හරිස්චන්ද්‍ර මහතාගෙනුයි. මම කලින් කියපු තරඟයේ ජය මහින්ද විද්‍යාලයට හිමි වුනා.
නම් ගම් ලියන එක අඩු කරේ, එහෙම ලිව්වොත් මට පන්ති 10ක හිටපු 450-500ගේ විතර නම් මෙතන ලියන්න වෙන නිසා. කමිටුවට සීමිත දෙනෙක් පත් වුනත්, විද්‍යා සංගමය කියන්නේ 12 සහ 13 වසර වල ව්‍යවහාරික සහ ජීව විද්‍යා සිසුන්ගේ එකතුවයි කියන එක, "විදුරුත් නින්නද 2005" ඔස්සේ අපිට ඔප්පු කරන්න හැකි වුනා. අපේ උන්ගේ මහන්සිය ඉස්සරහා බාධක බිඳිලා ගියා, කටු අකුල් වල මල් පිපුනා, "විදුරුත් නින්නද 2005" අති සාර්ථක වුනා. අපි විද්‍යා සංගමයෙන් සහ පාසල් මෑණියන්ගෙන් සමු ගත්තේ විද්‍යා සංගමය ක්‍රිෂන් සෙනෙවිරත්න මල්ලිගේ භාරයට පත් කරලා.
අපි එදා නිර්මාණය කරල භාවිතයට ගත්ත ලාංඡනය අදත් භාවිතා කරනවා. එදා අපි භාවිතා කරපු නම "විදුරුත් නින්නද" අදත් භාවිතා වෙනවා. ඒ ගැන අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මේ ඔක්කොටම වඩා එදා අපේ ශක්තිය වෙච්ච ප්‍රේමතිලක සර් අද අපේ මල්ලිල එක්ක ඉන්න එක අපිට නම් අනාගතයේ සුබ පෙර නිමිත්තක්.
ලියන්න නම් දෑ බොහොමයි. ඒත් අපි ලබා ගත්ත අත්දැකීම් සමුදාය නම් කවද ලියා ඉවර කරන්න හම්බ වෙයිද දන්නෙ නෑ. ලිපිය ආරම්භ කරා වගේම අවසානයටත් සංදීපගේ වචන ටිකක්ම පාවිච්චි කරන්නම්. "ඒ ඉතිහාසය සාක්ෂි දරා ඇති අයුරින්ම එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත්, විද්‍යාවේ අරුත නින්නාද වේවි එක දිගට, නොනැවතී සදාකාලික වූ අනාගතයක් බලා". එසේ නම් ඒ සම්ප්රදාය මත අඩි තබා යන සාම්ප්‍රදායික නොවන ගමනකට 2011 රිච්මන්ඩ්වරුන්ට, 2006 අපෙන් ගට.
ප.ලි.
ඔන්න එදා ගත්ත පින්තූර ටිකක්